ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට පුහුණුවීම්වලදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට සති තුනක් පමණ විවේක ගැනීමට සිදුවන බව වාර්තා වේ. ඒ අනුව දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න සංචිතයට ඇතුළත් කර ඇත.

එමෙන්ම මතීෂ පතිරණටද ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය මඟහැරෙන බව වාර්තා වේ. ඒ ඔහුගේ අබාධ තත්ත්වය හේතුවෙනි.