දැල්පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි වටයේ දෙවැනි තරගයෙන්ද සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය. තරගාවලියේ E කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වුණු අතර, එහිදී ලකුණු 71-36ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

මෙම තරගයේ තරග වට 04 අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 18–10ක්, 15–12ක්, 19–08ක් සහ 19–06ක් ලෙසයි.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාව E කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ අතර, මීට පෙර සහභාගී වූ මෙම කාණ්ඩයේ පළමු තරගයෙන්ද සිංගප්පූරුව හමුවේ ලකුණු 55-52ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

තරගාවලියේ 13වැනි ස්ථානයේ සිට16වැනි ස්ථානය දක්වා දිනාගැනීමට E කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරග කරයි. මෙම කාණ්ඩයට සිංගප්පූරුව, බාබඩෝස් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ඇතුළත්ව සිටී.