තරගාවලිය හොඳින් අවසන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුවන බව ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසා ඇත.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සියලු දෙනාගේ සහයෝගය තමාට ලැබුණු බවත් තරග ජයග්‍රහණය කිරීම හා පරාජයවීම පාලනය කළ නොහැකි දෙයක් බවය.

හොඳින් සිදු නොකළ විට පරාජයට පත්වන බවත් හොඳින් සිදු කිරීමට නම් පන්දුවට පහරදීම, පන්දු යැවීම හා රැකීම හොඳින් සිදුකළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවතට විසිවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම 05.05 ට දිවයිනට පැමිණ තිබේ.

එමෙන්ම මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි.