ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට සුළු වර්ෂාපතනයක් ඇද හැලුණු බැවින්, අගනුවර වසාගෙන පවතින විෂ දුම යම්තාක් දුරට පහව ගිය බව කාලගුණ විද්‍යාඥයන්  පවසා ඇත.

එසේ වුවත්, ලෝක වායු තත්ත්ව දර්ශකයට අනුව, නවදිල්ලි අගනුවර වායු දූෂණය තව දුරටත් 407 ක් ලෙස සටහන් වී තිබේ.

මෙසේ සුළු වර්ෂාපතනයක් ඇද හැලුණේ, දිල්ලි ප්‍රාන්ත රජය, කාලගුණ විද්‍යාඥයන් ද සමඟ එක් වී නවදිල්ලියට කෘත්‍රිම වැසි ඇද හැලීමට සූදානම් වෙද්දීය.