ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව උතුරු පළාත් නිවාස නැති දිළිදු පවුල් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා සෝලා (sola) විදුලිය සහිත නිවාස ඉදිකිරීම පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සම සභාපති හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මේ අතර උතුරු පළාතේ ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට බෙදාහැරීමට සීනි නොමැති බවද, සමූපකාර සංගම් මගින් අමත්‍යවරයාට මෙහිදි පෙන්වා දී තිබේ.

ඒ අනුව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ වෙළද හා වාණිජ කටයුතු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සමග කළ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් අතිරේක ලෙස සීනි මෙට්ට්‍රික් ටොන් 100ක් උතුරු පළාතට යැවීමට තීරණය කර ඇත.

මෙම සීනි තොගය උතුරු පළාතේ සමුපකාර සංගම් 48ක් පුරා බෙදාහැරීමට අමත්‍යවරයා විසින් පියවර ගෙන ඇත.