නවසීලන්තයේ නව ආණ්ඩුව ලොව ප්‍රමුඛ පෙළේ දුම්කොළ නීති ඉවත් කරන බව ප්‍රකාශ කිරීමෙන් පසු එය ආදිවාසී පොලිනීසියානු මාඕරි ජනතාවට විශේෂයෙන් දැඩි පහරක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ආදිවාසී ප්‍රජාව ඉහළම දුම්පානය අනුපාතයක් ඇති බැවින්, එහි නායකයින් වසර ගණනාවක් ප්‍රතිසංස්කරණ සඳහා සටන් කර ඇති බවද සඳහන් වේ.

දුම්පානය සම්පූර්ණයෙන් අවසන් කිරීමට ප්‍රථමවරට නවසීලන්තයේ තීරණය වීමෙන් පසු එය ගෝලීය වශයෙන් සෞඛ්‍ය උපදේශකයින් විසින්ද ප්‍රශංසාවට ලක් කෙරිණි.

මේ දිනවල නවසීලන්තයේ වැඩිහිටි ජනගහනයෙන් 8% ක් පමණක් දෛනික දුම් පානය කරන්නන් වන නමුත් එම සංඛ්‍යාව මාඕරිවරුන් අතර – 19.9% ට වඩා දෙගුණයකටත් වඩා වැඩි බව සඳහන් වේ.

එය මාඕරි කාන්තාවන් අතර ඊටත් වඩා ඉහළ අගයක් ගන්නා බව වාර්තා වී ඇති බවත් එය සෞඛ්‍යයට පමණක් නොව මූල්‍යමය වශයෙන්ද විශාල හානියක් සිදු කරන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.