දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම්දී තිබේ.

එමෙන්ම අදට (05) රාජකාරි කිරීමට නියමිත සියලුම උප නියාමකවරුන් දහවල් 12ට පෙර සේවයට වාර්තා කළ යුතු බව ද ඒ මහතා දන්වා ඇත.

එමෙන්ම දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අද (05) උදෑසන කාර්යාල දුම්රිය රැසක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබිණි.

එමෙන්ම සෙසු දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය විය හැකි බව ද දෙපර්තම්නේතුව සඳහන් කර තිබිණි.

දුම්රිය ආරක්ෂක අංශ සේවකයෙකු විසින් එහි උප නියාමකවරයෙකුට පහර දීමේ සිද්ධිය මුල්කරගනිමින් උප නියාමකවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කෙරිණි.