දුම්රිය නියාමක සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු අතර ගැටුමක් මෙම වර්ජනයට හේතුව වී ඇති බව වාර්තා වේ.

මෙහිදී උප නියාමකවරයාට පහර දුන්නේ යයි කියන දුම්රිය ආරක්ෂක සේවයේ නියතු සේවකයාගේ සේවය අත්හිටුවන ලෙස නියාමක සංගමය ඉල්ලා සිටින බවද සඳහන් වේ.