දුම්රිය රියැදුරු සංගමය ගෙන තිබූ වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාලනාධිකාරිය සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව දුම්රිය රියැදුරු සංගමයේ සභාපති පවසා ඇත.

ඊයේ (ජූලි 23) රාත්‍රියේ ආරම්භ කරන ලද සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (ජූලි 24) සවස් වන විට අවසන් කරන බව ත් නැවත සුපුරුදු පරිදි දුම්රිය ධාවනය සවස් වරුවේ සිට ක්‍රියාත්මක බව ත් ඔහු සඳහන් කර තිබේ.

දුම්රිය රියැදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියැදුරන් ආරම්භ කරන ලද බව ත් මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබු සාකච්ඡා සාර්ථක බව ත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.