අද (ජූලි 24) උදෑසන සිට ආරම්භ කළ දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඒ හේතුවෙන් මේ දක්වා දුම්රිය ගමන් වාර 26ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර තිබේ.

නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබිණි.

ඉන් ඊයේ (ජූලි 23) දිනයේ ද දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි.