වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් පැවතිය ද, ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග සියල්ලේ ම දුම්රිය 35 ක් ධාවනයට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.

මේ අතර, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන වෙත යුධ හමුදාව යෙදවා ඇති අතර, අවශ්‍ය වුවහොත් අනෙකුත් දුම්රිය ස්ථාන වෙතද යොදවන බව, හමුදා ප්‍රකාශකවරයා අවධාරණය කර තිබේ.

මේ අතර, ඊයේ (12) ඇරඹුනු දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල විවිධ ගැටලුකාරි තත්ත්වයන් උද්ගත වන බව දකින්නට ලැබිණි.

හොරපේ දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් වැටී තරුණයකු මිය යෑමේ සිද්ධිය නිසාත්, දුම්රිය රියැදුරු සහ මගීන් අතර බහින්බස්වීම් ඇති වුණ අතර එම බහින්බස්වීම් දුරදිග ගිය තත්ත්වයන් ද දක්නට ලැබීය.