දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලබන මස 5 වැනිදා විශ්‍රාම යෑමට නියමිත බැවින් මේ දිනවල දුම්රිය මූලස්ථානයෙන් ප්‍රධානින් කිහිප දෙනෙකු අතර එම තනතුරු වෙනුවෙන් මත භේදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩ්බ්.ඒ.ඩී.එස්. ගුණසිංහ විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර ලබා ගැනීම සඳහා අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙකු ඇතුලු තවත් කිහිපදෙනෙකුම දැඩි උත්සාහයක නිරත වන බවද සඳහන් වේ.

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කරන එම්.කේ. ඩබ්ලිව්. බණ්ඩාර හට දුම්රිය වෘත්තීය සමිති රැසක්ම මේ වන විටත් ඒ සඳහා සහාය පළකර ඇති බව ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණේ ලේකම් ජනිත් ලංකාගේ පවසා ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ශම ආයතනයක් ලෙස පත් කිරීම උදෙසා දුම්රිය පිළිබඳ මනා දැනුමක් ඇති එම්. කේ . ඩබ්.බණ්ඩාර මහතා අදාල තනතුරට පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ මහතා මීට පෙර දුම්රිය මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇති බවත් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති මෙම දෙපාර්තමේන්තුව ගොඩනැගීමට හැකි එකම විකල්පය ඔහු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම ලිපිය පහතින්,