ශ්‍රී ලංකා දුම්රිය සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව මේ සඳහා කමිටුවක් පත් කරන ලෙස ජනාධිපතිරයා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම විදේශීය දුම්රිය සේවාවන් සහ මෙරට දුම්රිය සේවය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ වාර්තාව සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීමට අදාළ යෝජනාව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.