පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවා තිබේ.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට අපහාස වන අයුරින් ෆේස්බුක් සහ යූටියුබ් නාළිකා ඔස්සේ, ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදු කර ඇත.

ඒ අනුව, ලබන 12 වන දා උදේ 9:00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිටින ලෙසට දුමින්ද නාගමුවට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් නියෝග කරනු ලැබ තිබේ.

අමාත්‍ය ටිරාන් අලස් මීට පෙර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, දුමින්ද නාගමුවගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් නිලධාරීන් ඔහු හමුවීමට ගිය ද, කිසිදු ස්ථානයක ඔහු නොසිටි බව ය.