සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 111ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකා‌වෝ සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 329ක් රැස් කළහ. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නායිකා Sophie Devine (137) සහ Amelia Kerr (108) ශතක රැස් කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඕෂධී රණසිංහ කඩුලු 03ක්ද, උදේෂිකා ප්‍රබෝධිනී කඩුලු 02ක්ද බිඳහෙළීය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 218ක් පමණි. එහිදී පිත්තෙන් සාර්ථක වූ එකම ක්‍රීඩිකාව ලෙස කවීෂා දිල්හාරි ලකුණු 84ක් රැස් කළාය.