දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01) දහවල් ජෙරම් ප්‍රනාන්දු මහතා ව අත්අඩංගුවට ගත්තේය.

ආන්දෝලනාත්මක ඉරිදා ධර්ම දේශනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ජෙරොම් ප්‍රනාන්දු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අඛණ්ඩව දෙවැනි දිනටය.

ඊයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 08ක දීර්ඝ ප්‍රකාශයක් ලබාදුන් අතර, වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි