ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අදින් අවසන් කර තිබේ.

එහිදී විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ එළඹෙන 28වැනිදා අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවයි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදී මෙම නඩු විභාගය පැවැත්වුණි.