ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය ඉවත් කර තිබේ.

අද(6) සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී විසින් මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන මේ වන විට ඇප මත ද  නිදහස්ව සිටියි.

පසුගියදා සිඩ්නි හි නැගෙනහිර රෝස්බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව නොවැම්බ්ර් මස 6 වෙනිදා සිඩ්නි පොලිසිය විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනිණි.

ඉන් පසු දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ඔහුව නොවැම්බර් 17 වැනිදා මුඳාහරිනු ලැබු‍වේ ය.

එමෙන්ම  ධනුෂ්ක ගුණතිලක මහතාගේ  නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවීමට ද  නියමිතව තිබේ.

නිර්මාණි ගුණරත්න