ඔස්‌ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිව්දින නඩු විභාගය අද ආරම්භ විය. ඊට සහභාගි වීම සඳහා ධනුෂ්ක ගුණතිලක පැමිණිලිකාරිය නොවන වෙනත් විදෙස් කාන්තාවක් සමග අධිකරණ සංකීර්ණයට ඇතුළු වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැමිණිලිකාර තරුණියගේ නැගෙනහිර සිඩ්නි නිවසට ආරාධනා කිරීමෙන් පසුව, කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම සම්බන්ධයෙන් ධනුෂ්ක එක් වරදකට වරදකරු බව පිළිගෙන ඇත.

මෙම නඩු විභාගය දින තුනක් හෝ හතරක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.