ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීම අද (13) සිදුකළ බව ධීවර අමාත්‍යංශය පවසා ඇත.

මෙම වැඩසටහන ගම්පහ ධීවර සංස්ථා අලෙවිසැල් පරිශ්‍රයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

දිවයින පුරා ඇති 100කට අධික ලංකා ධීවර සංස්ථා අලෙවිසැල් ජාලයේ ගෙවීම් අද සිට QR කේත ක්‍රම ඔස්සේ සිදුකළ හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කර ඇත.