නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගත් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසා ඇත.

එම ජාතික කමිටුවට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, අගමැතිවරයාගේ නියෝජිතයෙක්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයෙක්, පොලිස්පතිවරයාගේ නියෝජිතයෙක්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයෙක්, උපකුලපතිවරුන්ගේ සංගමයේ නියෝජිතයෙක් ඇතුළත් වේ.

පසුගිය මාස 12 ක කාලය තුළදී නවක වධ සිදුවීම් 36 ක් වාර්තා වන බව ද ඇමැතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම නවක වධ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි සඳහා නව දුරකථන අංක දෙකක් ද හඳුන්වා දී ඇත.

ඒ අනුව 1997 අංකයට හෝ 54 53 454 යන අංකයට WhatsApp කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසා තිබේ.