එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් ලකුණු 149ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. නවසීලන්තය තරගාවලියේ ක්‍රීඩා කළ තරග 04ම මේ වනවිට ජයගෙන තිබේ.

ඇෆ්ගනිස්තාන නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 288ක් රැස් කළේය.

එහිදී විල් යන්ග් ලකුණු 54ක්, ග්ලේන් පිලිප්ස් ලකුණු 71ක් සහ නායක ටොම් ලෙතම් ලකුණු 68ක් ලබාගනිමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළහ.

අනතුරුව ලකුණු 289ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානයට පන්දුවාර 34.4 අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 139ක් පමණි. එහිදී රහ්මත් ශා ලකුණු 36ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී මිචෙල් සැන්ටර් සහ ලොකී ෆර්ගසන් කඩුලු 03 බැගින් බිඳහෙළීය.

ඒ අනුව ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය.