සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 150 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් විය.

සිල්හෙට් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 332 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි.

ඩැරල් මිචෙල් ලකුණු 58 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 75කට කඩුලු 6ක් දවා ගත්තේය.

නවසිලන්තයට එරෙහිව බංග්ලාදේශය සිය මව්බිමේදි වාර්තා කළ පළමු ටෙස්ට් තරඟ ජයග්‍රහණය ලෙස මෙය වාර්තා අතරට එක්විය.