ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත විස්සයි-20 සහ එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහා නවසීලන්ත ජාතික කාන්තා කණ්ඩායම හෙට (22) මෙරටට පැමිණේ.

අනතුරුව අයි.සී.සී. කාන්තා ශූරතාවලියේ කොටසක් වන එක්දින තරඟාවලිය ජූනි 27වැනිදා ආරම්භ වන බැවින් නවසීලන්ත කණ්ඩායම හෙට මෙරටට පැමිණීමෙන් පසු ගාල්ල බලා ගමන් කරනු ඇත.

තරගාවලියේ 02වැනි සහ 03වැනි එක්දින තරග පිළිවෙළින් ජුනි 30වැනිදා සහ ජූලි 03වැනිදා ගාල්ල ජාත්‍යයන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

එම තරගාවලියෙන් අනතුරුව තරග 03කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා කණ්ඩායම් දෙකම නැවතත් කොළඹට පැමිණේ. විස්සයි-20 තරග පිළිවෙළින් ජූලි 08, 10 සහ 12 යන දිනවල පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කවිඳු කාරියවසම්