නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) පළමු අදියර යටතේ අද (01) සිට වසා තැබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසා ඇත.

ඒ අනුව පළමු අදියර යටතේ අද රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 04 වනදා උදෑසන 6.00 දක්වා නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) වසා තැබෙන බවයි සඳහන් වේ.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත්, අපහසුතා මග හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.