පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිලධාරි තනතුරු 4,000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍යඅමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල්කරණය කිරීමේ e-GN වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.