ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු 2024දී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

එම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙන අතර එහි මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 2ක් 2024 අයවැයෙන් වෙන්කර ඇත.

‘කලක් තිස්සේ  විවිධ පරිමාණයේ සාකච්ඡා පැවතුණ ද හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක වී නැහැ. එබැවින් එහි මූලික කටයුතු සඳහා 2024 වෙනුවෙන් රුපියල් බිලියන 2 ක් වෙන් කරනවා.’