නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් වැයවූ ලක්ෂ 26 කට ආසන්න විදුලිබල මුදල තමා ගෙවීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඊයේ (10) දේශපාලන වැඩසටහනකට එක්වෙමින් පවසා ඇත.

නාමල් රාපපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ මහ​තා විසින් ඉල්ලීමක් කළොත් මෙම මුදල තමාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට හැකියාව ඇති බවත් එතුමා විසින් ඉල්ලිමක් කලහොත් එය තමන් වීසින් ගෙවා දමන බවත් ඔහු අවධාරණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස බිල් ගෙවු මුත් ඔහු රැකියාවක් නොකරන කෙනෙ​ක් වුවත් තමා ව්‍යාපාරිකයෙකු බවත්, එ නිසා එය ඉතා පහසු ගෙවිමක් බවත් හෙතෙම මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ලක්ෂ 26 කට ආසන්න මුදලක් තවමත් විදුලිබල මණ්ඩලයට ගෙවා නොමැති බවට පවසමින් පසුගියදා ජාතික ජනබලවේගයේ නලින් හේවගේ හිටපු මන්ත්‍රීවරයා චෝදනාවක් එල්ල කරනු ලැබු අතර එම චෝදනාවට පිලිතුරු ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මෙවැනි සිදුවීමකට අදාලව විදුලි බිලක් මෙතෙක් තමන්ට ලැබී නොමැති බව පවසමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබිය.