නැගෙනහිර ලිබියාවට බලපෑ ඩැනියෙල් සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,900 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 2500 ක් ද වේ.

මෙම සුළි කුණාටු තත්තවය හේතුවෙන් තවත් පුද්ගලයින් හත්දහසක් පමණ අතුරුදන් වී ඇත.

ඩනර් ප්‍රදේශයේ ජලාශයක වේලි දෙකක් කැඩීයාම හේතුවෙන් මෙම ගංවතුර තත්වය ඉහළ ගොස් තිබේ.

පවතින ගංවතුර තත්ත්වයත් සමග එරට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කිරීමට  කටයුතු කර ඇත.