සැප්තැම්බර් 01වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු දේශීය ක්‍රිකට් තරගාවලි තවකාලිකව නැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර, එලෙස නතර වූ පළමුපෙළ ක්‍රිකට් තරග අද සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

පළමුපෙළ තරගාවලි සම්බන්ධයෙන් පවතින ගැටලු ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා‌ තෙක් එම තරග නවතා දැමුනු අතර,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව නැවත පළමුපෙළ තරග පැවැත්වීමට තීරණය කර තිබේ.