ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇත.

ඒ අනුව ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බවයි වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක සඳහන් කර තිබේ.

නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනයවී නොමැති බවත් අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කර ඇත.