නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස උසස් කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට සහ මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන නිලධාරීන්ගේ නම් මෙලෙස ජාතික පොලිස් කොම්ෂන් සභාව වෙත යොමුකර ඇත.

මේ වන විට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනා මෙම නිලධාරීන් වේ.

පොලිස් මූලස්ථානය විසින් යොමුකරනු ලැබ ඇති මෙම නම් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වී සලකා බැලීමට නියමිතව ඇත.