ගැටලුකාරි තත්ත්වයකට පත්ව ඇති නිර්වින්දන ඖෂධය කිසිදු අවස්ථාවක ළමයින් සදහා භාවිත නොකළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කර ඇත.

එම ඖෂධය වැඩිහිටියන් සදහා පමණක් භාවිත කරන බව ඔහු පවසා තිබේ.

පේරාදෙණිය බණ්ඩාරනායක ශික්ෂණ ළමා රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකළ ශල්‍යකර්ම අතරතුර නිර්වින්දනය කිරීම සදහා ලබාදුන් ඖෂධ හෝ එහි උපකරණවල පවතින ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බවට පසුගියදා වාර්තා විය.