නිල්වලා ගඟේ ලවන බාධකයේ කොටසක් ඉවත් කිරීම අද(20) ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි පවසා ඇත.

ඒ අනුව , යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙය සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

පසුගිය දිනවල මාතර දිස්ත්‍රික්කයේ හටගත් ගංවතුර බැස නොයාමට ප්‍රධාන හේතුව නිලවලා ගඟේ ඉදිකළ ලවන බාධකය බවට බොහෝ පිරිසක් චෝදනා කර තිබිණි.