ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙලවල් 03ක් නියෝජනය කළ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සිය ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (IOC) මූලස්ථානයේ පැවති සංසදයකදී නිලූක කරුණාරත්න සිය සමුගැනීම නිවේදනය කර ඇත. ඒ වන විට ඔහු ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගතකිරීම්හි ප්‍රසාද ලකුණු 2,070ක් ලබාගෙන 441 වැනි ස්ථානයේ රැඳී සිටියේය.