ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසා ඇත.

මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම නව ක්‍රමය මගින් නිවසේ සිට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර (eRL 2.0) ලබාගත හැකි බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් සඳහන් වේ.

බස්නාහිර පළාත හැර සෙසු පළාත් 8ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.