ඇමරිකාව ඇතුළු ලොව පුරා රූපවාහිනී ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් ඇගයීමට ලක් කෙරෙන ජාත්‍යන්තර Emmy සම්මාන උළෙල 51 වන වරට ඊයේ (20) ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී පැවැත්වුණා.

ඉන්දියානුවන් සිව්දෙනෙකුම මෙම සම්මාන උළෙලේ නාම යෝජනා අතර සිටි අතර, ඉන් දෙදෙනෙකුම සම්මානයෙන් පිදුම් ලැබීමට හැකියාව ලැබීම සුවිශේෂයි. හොඳම හාස්‍යොත්පාදක වැඩසටහන්මාලාවට හිමි සම්මානය Vir Das: Landing වැඩසටහන සඳහා ජනප්‍රිය හාස්‍යෝත්පාදක රංගන ශිල්පී වීර් දාස් විසින් හිමි කර ගන්නා ලද අතර, prestigious International Directorate  සම්මානය ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ඒක්තා කපූර් විසින් හිමි කර ගත්තා.

මීට අමතරව හොදම නළුවාට හිමි සම්මානය සඳහා Rocket Boys නාට්‍ය මාලාවේ රංගනය වෙනුවෙන් ඉන්දියානු නළු ජිම් සර්බ් සහ හොඳම නිලියට හිමි සම්මානය සඳහා Delhi Crime නාට්‍ය මාලාවේ රංගනය වෙනුවෙන් ශෙෆාලි ශාහ් ගේ නම් යෝජනා වී තිබුණා.
මෙවර Emmy සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස Martin Freeman (The Responder) සහ හොඳම නිළිය ලෙස Karla Souza (La Caida) සම්මානයට පාත්‍ර වුණා. හොඳම රූපවාහිනී කෙටි නාට්‍ය මාලාව ලෙස සම්මාන ලැබුවේ La Caida (Dive) ස්පාඤ්ඤ රූපවාහිනී කතා මාලාවයි.