රාජ්‍ය සේවක ඇතුළු නිශ්චිත වැටුප් ලබ​න සියලු දෙනා සම්බන්ධයෙන් රජය අවබෝධයකින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

බඩු මිල, පොලී අනුපාත සහ බදු වැඩිවීම්වලදී නිශ්චිත ආදයමක් ලබන පිරිස් අසීරුතාවන්වලට පත්වන බවත් රජය ඒ සම්බන්ධයෙන් තේරුම්ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ

ඒ අනුව රජයට අවස්ථාවක් ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.