නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට කරගෙන යන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත අද (18) පාර්ලිමේන්තුවේ දී පවසා ඇත.

උඩරට වතු ජනතාව ලංකාවට පැමිණ වසර දෙසීයක් ගත වන බවත් ඒ නිමිත්තෙන් ජීවන් තොණ්ඩමන් ඇමතිවරයා රජය සමග වැඩපිළිවෙළක් සංවිධාන කර තිබෙන බවත් ඔහු සදහන් කර තිබේ.

අදාල කටයුතු සොයා බැලීමේ කටයුතු වෙනුවෙන් තමා කොටගලට ප්‍රදේශයේ සංචරය කළ බවද හෙතෙම පවසා ඇත.

එමෙන්ම කිසිම ප්‍රජාවකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන බවද අධ්‍යාපන ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.