එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි හයදෙනාගේ තරග වටයේ අද පැවති නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත සමත් විය. ඒ අනුව ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තයට හැකියාව ලැබුණි.

බුලවායෝහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට ස්කොට්ලන්තයට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 277කි.

තරගය ජයග්‍රහණයට ලකුණු 278ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේ තරගය ජය ගත්තේ කඩුලු 06ක් පමණක් දැවී තිබියදීයි.

එහිදී නෙදර්ලන්තයේ Bas de Leede ලකුණු 123ක් ලබා ගත්තේ ස්කොට්ලන්තයේ කඩුලු 05ක්ද දවාගනිමිනි.

තරගයේ වීරයා සම්මානය ද Bas de Leede හිමි විය.