නෙදර්ලන්තයේ රූ රැජින කිරුළ සදහා පළමු වරට සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් තේරී පත්ව ඇත.

මෙලෙස කිරුළ හිමි කරගෙන ඇත්තේ Rikkie Kollé යන සංක්‍රාන්ති ලිංගික කාන්තාව වේ.

ඇය මෙම වසර අග පැවැත්වෙන විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා තම රට නියෝජනය කිරීමට නියමිත බව ද වාර්තා වේ.

එමෙන්ම ඇය සිය සමාජ මාධ්‍ය වේදිකාව, ලෝකය පිළිබඳ පුළුල් දැක්මක් ප්‍රවර්ධනය කිරීමට සහ අන් අයව දිරිගැන්වීමට යොදා ගෙන ඇති බවද සඳහන්ය.

මෙම තරගයේදී ඇය තමන් පිළිබඳව ‘ජයග්‍රහණය’ ලෙස තනි වචනයකින් විස්තර කර තිබේ.

ඇය මෙහිදී තමන් කුඩා පිරිමි දරුවෙකු ලෙස ඉපදී, අද දක්වා පැමිණි ගමන් මඟ විස්තර කර තිබීමද විශේෂත්වයකි.