2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා නේපාලය අද සුදුසුකම් ලබා ගත්තේය. ඊට අමතරව ඕමාන කණ්ඩායමද 2024 විස්සයි-20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා තිබේ.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැති අවසන් පූර්ව තරගයේදී ඕමාන කණ්ඩායම විසින් බහරේන් කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත්කරමින් මෙලෙස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේය.

මීට අමතරව නේපාල කණ්ඩායම එක්සත් ආරබි එමිර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත්කරමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දිය කොදෙව් දූපත් සහ ඇමෙරිකාව කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.