බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.3ක දඩයක් පනවා තිබේ. ඒ ඔහු පාරිසරික බලපත්‍රයක් ලබා නොගෙන බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර ගඟක් ආසන්නයේ සුපිරි මන්දිරයක් ඉදිකිරීම හේතුවෙනි.

මන්ගර්ටිබා නාගරික කවුන්සිලය මගින් නේමාර්ට මෙම දඩය පනවා ඇති අතර, ඔහුට එල්ලවී ඇති චෝදනාව වනුයේ අදාළ ඉදිකිරීම් කටයුත්තේදී පාරිසරික නීති උල්ලංඝණය කිරීමයි. මේ සම්බන්ධයෙන් දවස් 20ක් ඇතුළතදී අභියාචනයක් ඉදිරිපත් කිරීමටද නේමාර්ට අවස්ථාව සලසා දී ඇත.

කවිඳු කාරියවසම්