සුපිරි පාපන්දු ක්‍රීඩක ‌නේමාර් මේ වනතෙක් ක්‍රීඩා කළ පාපන්දු ක්‍රීඩා සමාජය වන PARIS SAINT-GERMAIN ක්‍රීඩා සමාජය අත්හැර සෞදි අරාබි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Al Hilal ක්‍රීඩා සමාජය සමග එක්වී තිබේ. නේමාර් වෙනුවෙන් වසර 02ක කොන්ත්‍රාත්තු කාලයක් සඳහා Al Hilal ක්‍රීඩා සමාජය විසින් ඩොලර් මිලියන 300ක වාර්තාගත වටිනාකමක් ගෙවීමට එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

Saudi Pro League තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස Al Hilal ක්‍රීඩා සමාජය සැලකේ. kalidou koulibaly, Ruben Neves, Sergej Milinković-savić වැනි ක්‍රීඩකයන් Al Hilal ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනු ලබයි.