නොරොච්චෝලේ පිහිටි ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා තිබුණු ඒකකය අද (අගෝ. 15) රාත්‍රියේ යළි ත් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර
අද (15) පැවති විශේෂ මාධ්‍ය හමුවේදි පැවසීය.

“අද රෑට කනෙක්ට් කරනවා කියලා තියෙනවා. ඒකෙ තව එක යුනිට් එකක් තියෙනවා දින 100කට නඩත්තු කටයුත්තකට අපි වහපු එක. ඒක ඇරෙන්න, එතකොට දෙකක් පූර්ණ ධාරිතාවෙන් අපිට ගන්න පුළුවන්.”

නොරොච්චෝලේ පිහිටි ලක්විජය විදුලි බලාගාරයේ දෙවන ඒකකයේ අධිපීඩන තාපකයේ තෙවන නළයේ ඇති වූ කාන්දුවක් පරීක්ෂා කිරීම සඳහා විදුලි උත්පාදන කටයුතු අගෝ. 8 වන දා අත් හිටුවා තිබිණි.