නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කළ නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය අද (29) ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව එමගින් මෙගාවෝට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කර තිබේ.

එසේම කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය කළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද ලබන මස 16 වැනි දා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.