ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් දිරිගන්වන්නා වූ ‘පර්සි’ හෙවත් ඩබ්ලිව්. ඩී. පර්සි ගිම්සන් මෙන්ඩිස් අබේසේකර මහතා ඊයේ (30) අභාවප්‍රාප්ත විය. ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 87 වැනි වියෙහි පසු විය.

පර්සි අබේසේකර මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම උදෙසා හෙට (01) පෙරවරුවේ සිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කරන බවත්, දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (02) බොරැල්ල කනත්තේදී සිදුකරන බවත් වාර්තා වේ.