ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රිකට් දිරිගන්වන්නා ලෙස සැලකුන පර්සි අබේසේකර මහතා (පර්සි අංකල්) ජීවිතක්ෂයට පත්ව තිබේ. ජීවිතක්ෂයට පත්වනවිට ඒ මහතා 87හැවිරිදි වියේ පසු විය.

1936 ජූලි 30වැනිදා බූස්සේදී මෙලොව එළිය දකින පර්සි බද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලවීශියස් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ. පර්සි 1968දී මෙලනි ද සිල්වා සමග පර්සි විවාහ ගිවිස ගත්තේය. කෙසේ නමුත් ඔහුගේ බිරිඳ 2010 වසරේදී ජීවිතක්ෂයට පත් විය. ඔවුන් දෙපලට පුතෙක් සහ දුවෙක් සිටී.

පර්සි මුලින්ම සිංහ ධජය සමග ක්‍රිකට් දිරිගන්වන්නෙක් ලෙස කටයුතු කිරීමට පටන්ගෙන ඇත්තේ 1979 වසරේදීය. එතැන් පටන් මෑතක් දක්වා පර්සි ශ්‍රී ලංකා ධජය සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළේය.

පර්සි අබේසේකර මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම්දෙනු ඇත.

Xposure News වෙනුවෙන් අපි පර්සි අබේසේකර මහතාට සුබ ගමන් ප්‍රාර්ථනා කර සිටිමු.