ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධියට අදාළව අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක වනතුරු කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් අමාත්‍යධූරයෙන් ඉවත් කිරිමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන නිලධාරින්ට බලපෑමක් නොවන ආකාරයෙන් පරික්ෂණ කටයුතු සිදුකරන්න හැකි වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් ඇමැතිධූරයෙන් ඉවත්වුණොත් පමණක් බවද මන්ත්‍රිවරයාකියා සිටියි.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය සුදානම් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව ගෙන එනු ලබන විශ්වාසභංගයට පක්ෂව විපක්ෂව ඡන්දය ලබාදෙන මන්ත්‍රිවරුන්ගේ ලැයිස්තුව මෙවර මාධ්‍යට ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වන බවත් සමගි ජන බලවේගය මෙම ප්‍රශ්නයට මැදිහත් වුණේ දේශපාලන කුහකත්වයකින් නොවන බවත් තවදුරටත් අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන සඳහන් කළේය.

අද (02) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාවින්ද ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ.