හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ සිවිල් වැසියන්ට එල්ල කරන ප්‍රහාර නැවතීමට මැදිහත් වන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ප්‍රහාර නිසා අවතැන් වූ අසරණ සිවිල් වැසියන්ට ආධාර කරන්නැයි ද ඔහු වැඩිදුරටත් දැනුම් දී ඇත.

තම රට සහ ඊශ්‍රායලය අතර ඇති ප්‍රශ්නයට විසඳුම ලෙස ද්විරාජ්‍ය සංකල්ප දේශපාලන විසඳුම පිළිගැනීම සදහා කටයුතු කරන ලෙස මොහොමඩ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියේ ගුටරේසේගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.